පළාත් 5 කට අද, හෙට වැසි වැඩිවෙයි

Wednesday, 04 December 2019 - 19:23

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට දකුණින් වූ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් 5 කට බලපාන වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පැවති අතර, කොළඹ නගරයේ මාර්ග රැසක් ද ජලයෙන් යටවුණා.

ඒ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද, පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම, දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මාතලේ, මහනුවර, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පවතින වර්ෂාවත් සමග බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයාමේ අවදානම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා.