ඇමති විමල් අගරදගුරු හිමිපාණන් බැහැ දකී

Wednesday, 04 December 2019 - 19:26

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තවාදීන් පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන්න හෙලි වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

අද පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අද පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණ විහාරස්ථාන වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් බව අප වාර්තාකරු පැවසුවා.

ඔහු පළමුවෙන් අනුරාධපුර - ලංකාරාම විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය රලපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා.

අනතුරුව මහාචාර්ය ජී.එල්. පීරිස් පැමිණියේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයටයි. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මිරිසවැටිය විහාරස්ථානය වැඳපුදාගෙන එහි වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තා.