ආක්ටික් අයිස් දියවීමත් සමඟ හිම වළසුන් මිනිස් වාසයන් වෙත

Saturday, 07 December 2019 - 8:30

%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
රුසියාවේ ආක්ටික් ධ්‍රැවය ආසන්න උතුරු ප්‍රදේශයේ ගම්මානයක් වෙත හිම වළසුන් 50කට වැඩි සංඛ්‍යාවක් පැමිණ ඇති බව වාර්තා වනවා. රුසියානු වනජීවි අංශ ප්‍රකාශ කළේ ආක්ටික් ධ්‍රැවයේ හිම දියවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

වෙරළාසන්න ප්‍රදේශවල අයිස් මිදීම අසාමාන්‍ය ලෙස උණුසුම ඉහළ යාම හේතුවෙන් වැළකී තිබෙනවා.

රුසියාවේ ඊසානදිග කෙළවර පිහිටි චුකෝතා ප්‍රදේශයේ ගම්මානයක් අසල මෙලෙස හිම වළසුන් 56 දෙනෙකු නිරීක්ෂණය කර ඇති බවයි ලෝක වන සත්ත්ව අරමුදල සඳහන් කළේ.

මේ නිසා දහසක පමණ ජනගහනයකින් යුත් එම ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව සඳහා නිරන්තර නිරීක්ෂණ සිදුකෙරෙනවා.

ආක්ටික් ප්‍රදේශයේ හිම වලස් - මිනිස් ගැටුම ඉහළ යමින් පවතින බව ද ලෝක වන සත්ත්ව අරමුදල කියා සිටියා.