කොළඹ වරාය නගරය අදින් පසුව ආයෝජකයින්ට විවෘතයි

Saturday, 07 December 2019 - 12:57

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක භූමි භාගය කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භූමි භාගයට එක්වීම සනිටුහන් කරමින් අද විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙයුවාන්ගේ සහභාගීත්වයෙන්.

මෙහිදී කොළඹ වරාය නගරය ආයෝජකයින් සඳහා විවෘත කරමින් එම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රටට ලබාගත හැකි ක්‍රමවේදයක් අදින් ආරම්භ වන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම ව්‍යාපෘතිය පිළිබදව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

මීට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ වරාය නගරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතයි.

එහිදී අද සන්ධ්‍යාවේ චීන ගිනිකෙළි කණ්ඩායමක සහභාගීත්වයෙන් ගාලූමුවදොර පිටිය ආසන්නයේ චමත්කාර ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇති.