උතුරු කොරියාව රොකට් අංගනයේ විශේෂ පරීක්ෂණ මෙහෙයුමක

Sunday, 08 December 2019 - 9:09

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A
සොහේ නුවර පිහිටි රොකට් සහ චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ අංගනයේදී වැදගත් පරීක්ෂණ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව උතුරු කොරියාව නිවේදනය කළා.

ඊයේ දිනයේ සිදුකළ මෙම අත්හදාබැලීමේ මෙහෙයුම තම රටට ක්‍රමෝපාය අතින් අතිශය වැදගත් බවයි එමඟින් ප්‍රකාශ කළේ.

උතුරු කොරියාව මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ඇණහිට ඇති අවස්ථාවකයි.

උතුරු කොරියාව පසුගියදා මිසයිල අත්හදාබැලීම් කිහිපයක්ම සිදුකළ අතර, සජීවී මිසයිලයක් පතිත කරන බවට ජපානය වෙත තර්ජනයක්ද එල්ල කළා.