මහවැලි ගඟේ උප්පාරු පාලම අසළ ඔරුවක් පෙරළී තරුණයෙකු මරුට - දෙදෙනෙකු අතුරුදන්

Sunday, 08 December 2019 - 10:58

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B7%85+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
කින්නියා - උප්පාරු පාලම අසළදී මහවැලි ගඟට ඔරුවක් පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන් වුණා.

තරුණයන් පස්දෙනෙකු අද උදෑසන 7.45 ට පමණ සිය කුඹුරුවලට යෑම සඳහා මහවැලි ගඟෙන් එගොඩවීමට යාමට පැමිණ තිබෙනවා.

ඒ තම කුඹුරුවලට වන අලින් කඩාවැදී ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන්.

එහෙත් ඔරුව පෙරළී දියට වැටුණු තරුණයින් සැඩ පහරත් සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එක් තරුණයෙකු පිහිනාගෙන විත් දිවි ගළවාගත්තා.

තවත් තරුණයෙකු ගම්වැසියන් විසින් බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර සොයාගෙන ඇති අතර, අතුරුදන් අනෙක් තරුණයන් දෙදෙනාගේ සිරුරු සොයා නාවික හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

මේ අතර පොකිරිස්සන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයෙකුගේ මළ සිරුරක් අද උදෑසන කොග්ගල සංචාරක හෝටලයක් පිටුපසට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

57 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුරකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.