අද සිට වැසි වැඩිවේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක්

Sunday, 08 December 2019 - 12:43

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+200+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අම්පාර, මඩකලපුව, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර 200 ක පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ උතුර පළාත්වල පවතින වැසි තත්ත්වය අද සිට වැඩිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ආපදාවට ලක්වූ පවුල් 4169 ක පුද්ගලයින් 13,275 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථානවල තවදුරටත් රඳවා සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 21 ක පවුල් 51,573 ක පුද්ගලයින් එක්ලක්ෂ හැත්තෑ හතරදහස් 931 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.