ඇමරිකාව සහ ඉරානය අතර සිරකරු හුවමාරුවක්

Sunday, 08 December 2019 - 16:00

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඔත්තු බැලීමේ චෝදනාව මත වසර 3ක කාලයක් ඉරාන අත්අඩංගුවේ රදවාගෙන සිටි ඇමරිකානු ජාතිකයෙකු නිදහස් කර තිබෙනවා.

මෙලෙස නිදහස් කර ඇත්තේ ක්‍ෂියු වෑන් නැමති ඇමරිකානු ජාතිකයෙකු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊට සමගාමීව ඇමරිකාව සිය භාරයේ සිටි ඉරාන ජාතිකයෙකු වන මසූද් සොලෙයිමානි නිදහස් කර තිබෙනවා.

ඔහුට එල්ල වී තිබූ චෝදනාව වූයේ ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක උල්ලංගණය කිරීමයි.