සෞදියේ කාන්තාවන්ට පැවති තවත් තහනමක් ඉවත් කරයි

Monday, 09 December 2019 - 8:13

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියේ අවන්හල්වලට ප්‍රවේශය සඳහා ස්ත්‍රී පුරුෂ භාවය මත පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

මීට පෙර සෞදියේ අවන්හල් වෙත කාන්තාවන් සහ පිරිමි වෙන් වෙන්ව ඇතුලුවිය යුතු බවට නීති පනවා තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුගේ නව ප්‍රතිසංස්කරණ මත 2018 වසරේ සිට කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනමද ඉවත් කෙරුණු අතර, පුරුෂ පාර්ශවයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම සඳහා ද කාන්තාවන්ට පනවා තිබු තහනමද ඉවත් කෙරුණා.