චීනයේ අපනයන වෙළඳපොල පහතට

Monday, 09 December 2019 - 10:55

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
පසුගිය නොවැම්බර් මාසයේදී චීනයේ අපනයන වෙළඳපොල සීග්‍ර ලෙස පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට සිදුකළ නැව්ගත කිරීම් අඩුවීම ඊට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇමරිකාවට සිදු කෙරෙන අපනයන සියයට 23 කින් පහත වැටී තිබෙනවා.

චීනය සහ ඇමරිකාව අතර පවතින වෙළඳ යුද්ධය හේතුවෙන් චීන භාණ්ඩ සඳහා තවත් තීරු බදු පැනවීමක් එළඹෙණ සති අන්තයේදී සිදුකිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.