මහ මැතිවරණයට නිදහස් පක්ෂය සූදානම්

Monday, 09 December 2019 - 12:35

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හරහා ඉදිරිපත් වන බව නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ ඊට අදාළව ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට නියමිත බවයි.