බණ්ඩාරවෙල ලංගම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වර්ජනයක

Monday, 09 December 2019 - 12:43

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
බණ්ඩාරවෙල නගරයේ සිට ගමන් ආරම්භ කරන සියලුම ලංගම බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මේ වනවිට වර්ජනයක් ආරම්භකර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා පුද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙක් ලංගම බස් රථ රියෙදුරෙකුට පහර දීමක් සිදුකර ඇති අතර පහරදීම සිදුකළ පුද්ගලික බස්රථ කොන්දොස්තරවරයා දියතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ රියදුරා මේ වනවිට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවක පත්ව ඇති බවයි.