දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි - 7,258 ක් ආරක්ෂිත ස්ථානවල

Monday, 09 December 2019 - 12:46

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+7%2C258+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD
ගතවූ දින කිහිපය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 2180 කට අයත් පුද්ගලයන් 7,258 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල තාවකාලිකව රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ආපදා හේතුවෙන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ නැගෙනහිර පළාතේ බවයි. එම පුද්ගලයන් සංඛ්‍යාව 87,864 ක්.

මේ අතර පැවති වර්ෂාපතනයත් සමඟ වාන් දොරටු විවෘත කළ ඇතැම් ජලාශවල මේ වනවිට වාන් දොරටු වසා දැමීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ජානකී මීගස්තැන්න සඳහන් කළා.

කෙසේ වෙතත් ලැබෙන වර්ෂාපතනය අනුව තවදුරටත් ජලාශවල ජල මට්ටම පිළිබඳ අවධානයෙන් පසුවන බවයි ඇය කියා සිටියේ.

ඊයේ උදෑසන 8.30 සිට අද උදෑසන 8.30 දක්වා පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ පාසිකුඩා ප්‍රදේශයට වන අතර, එම ප්‍රමාණය මිලිමීටර 61.5 ක්.

අද දිනයේත් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොණරාගල, පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ.