අරුවක්කාලු කසළ අංගනයට එරෙහිව අදත් විරෝධතාවක්

Monday, 09 December 2019 - 12:50

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B7%85+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගෙන ආ ලොරි රථ පෙළකට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී අද අලුයම ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා.

දින දෙකක් පුරා කසළ අංගනයට එරෙහිව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉරිදිපිට විරෝධතාවයේ නිරත වන සේරක්කුලිය ප්‍රදේශවාසින් පිරිසකගෙනුයි මෙලෙස විරෝධතාවය එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් අද අලුයම එම ස්ථානයට ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැමිණ ලබාදුන් පොරොන්දුවක් මත උද්ඝෝෂකයන් සිය විරෝධතාවය අවසන් කර තිබෙනවා.

මින් ඉදිරියට අරුවක්කාලුවට කසල බැහැර නොකිරීමට වගබලා ගන්නා බවයි ඔහු විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ.