නෝර්වේ තානාපති සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි

Monday, 09 December 2019 - 16:24

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ට්‍රයින් ස්කෙඩායි අද උදෑසන අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ  ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඬේවිඞ් හොලී ද අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණා.

අරලියගහ මන්දිරයේ දී සිදුවූ එම හමුවේදී මහකොමසාරිස්වරයා විසින්  ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ සුභාශිංෂණ පණිවුඩයක් ද අගමැතිවරයා වෙත භාර දෙනු ලැබුවා.

එහිදී  ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඬේවිඞ් හොලී සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍ර මෙන්ම මිනිස් ජාවාරම මැඬලීමේ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.