ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තුන්වන දිනටත් CIDයට

Tuesday, 10 December 2019 - 9:43

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7
පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් තුන් වන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඊයේ දෙවන දිනට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

පෙරේදා මුල්වරට ඇය මෙම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

ඒ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු වාර්තා කළ අතර, එහිදී ඔවුන් කියා සිටියේ පළමු දිනයේදී මෙම කාන්තාවගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.