රන් කිලෝ 10ක් සමඟ සිව් දෙනෙකු කල්පිටියේදී අත්අඩංගුවට

Tuesday, 10 December 2019 - 14:14

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+10%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කල්පිටිය - කන්දකුලිය - තුඩාව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට රන් රැගෙන යාමට උත්සාහ කළ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අද (10) අලුයම ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බෝට්ටුවක් මාර්ගයෙන් මොවුන් ඉන්දියාවට පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබූ රන් කිලෝ 10 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් එක් පුද්ගලයෙකු මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.