අලුත්ගම හිරු මාධ්‍යවේදියාට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

Tuesday, 10 December 2019 - 15:44

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අලූත්ගම හිරු මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් පහරදීම සිදුකළ දිනයේ ප්‍රදේශය අතහැර පළා ගොස් තිබූ අතර, තිස්සමහාරාම සහ මතුගම ප්‍රදේශවල රැදී සිටියදියි අත්අඩංගුවට ගැනුනේ.

මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට පසුගිය 6 වනදා පහර දී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය ඔක්තෝම්බර් මස සිදුකළ කෘත්‍රිම රා නිපදවීමේ ස්ථානයක් වැටලීම සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයක් මුල් කරගනිමින්.