හිරු අනාවරණයෙන් පසු ළිං ජලයට ඉන්ධන මුසු කළ කඩවත පිරවුම්හලේ කටයුතු අත්හිටුවයි

Wednesday, 11 December 2019 - 12:36

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ළිං ජලයට පෙට්‍රල් මුසුවීමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ සිදුකළ අනාවරණයත් සමඟ කඩවත පොලීසිය ඉදිරිපිට පිහිටා ඇති පිරවුම්හලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ පිරවුම්හලේ භූගත ගබඩා තුළින් කාන්දුවන ඉන්ධන මෙලෙස  ළිං ජලයට මුසුවී ඇති බවයි.

ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි අනුව ඒ පිළිබඳ සොයාබැලීමට හිරු රාගම ප්‍රාදේශිය මාධ්‍යවේදී සමන් හෙට්ටිආරච්චි ඇතුලූ පිරිසක් එම ඉන්ධනහල වෙත පැමිණි අවස්ථාවේදි එහි සිටි සේවකයින් හිරු මාධ්‍යවේදියාට බාධා කරමින් කැමරාව පැහැරගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී හිරු මාධ්‍යවේදියාට පහරදීමක් ද සිදුව ඇති අතර, පසුව සේවකයින්ව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ අදාළ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.