කොස් ගසකින් ඇද වැටී තිදරු පියෙකු මියයයි

Wednesday, 11 December 2019 - 13:08

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොස් ගසකින් ඇද වැටී තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කටුගස්තොට - හල්ළුලූව - උඩදූල්වල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මොහු වඩු කර්මාන්තයේ නිරත පුද්ගලයෙකු වන අතර, පාදයේ ආබාධයකින් පෙළුනු අයෙකු බවයි වාර්තාවන්නේ.

නිවැසියන්ගේ විරෝධය නොතකා කොස් ගොඩියක් කඩාගැනීමට ඊයේ ගසට නැගුණු අවස්ථාවේදියි ඔහු මෙලෙස ඇද වැටී ඇත්තේ.