වව්නියාව - ප්‍රදේශයේ රිය අනතුරකින් 5 දෙනෙකු රෝහල් ගත කෙරේ

Friday, 13 December 2019 - 9:27

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
වව්නියාව - ඕමන්ත - වෙපන්කුලම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ පුලියන්කුලම සිට වව්නියාව දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් සහ කුඩා කැබ් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් වෑන් රථයේ ගමන් ගත් යුද හමුදා නිලධාරීන් සිව් දෙනා සහ කැබ් රථයේ රියදුරු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.