නිර්වින්දනය කළ වන අලියෙකු මියයයි

Friday, 13 December 2019 - 18:43

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇලහැර - බකමූණ - කුමාරඇල්ල ප්‍රදේශයේදී වනජිවි නිලධාරින් විසින් අල්ලා ගැට ගසා සිටි වන අලියෙකු අද අලූයම හදිසියේ මියගොස් තිබෙනවා.

නොසන්සුන් ලෙස හැසිරුණු බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ඊයේ එම වනඅලියා අල්ලා නිර්වින්දනය කිරීමට වනජිවි නිලධාරින් කටයුතු කළා.

කෙසේ වෙතත්, අද අලූයම හොරොව්පතාන වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී ප්‍රවාහනය කිරීමට ගෙන ආ ලොරි රථය අසලදී මෙම වනඅලියා මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ වනඅලියා නිර්වින්දනය කිරීමෙන් පසු, යම් අපහසුතාවයකින් පෙළෙන බවට වනජිවි නිලධාරින් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.                        

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වනඅලියා විධිමත් ක්‍රමවේදයකට අනුව, රැගෙන යාමට කටයුතු කළේ නම් මෙම මරණය වළක්වා ගත හැකිව තිබූ බවයි.

මියගිය වනඅලියා පිළිබඳ හිඟුරක්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ද කටයුතු කරන බවයි පොළොන්නරුව කලාප භාර වනජිවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.පී. වික්‍රමසිංහ සඳහන් කළේ.

මේ අතර, වව්නියාව - සෙට්ටිකුලම - පීඩියාෆාම් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් වනඅලියෙකු මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 20 ක් පමණ වන මෙම වන අලියා කොළඹ සිට මන්නාරම දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී අද මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මේ අතර, අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ.