එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා කමිටුවක් පත් කර තිබියදී, පක්ෂයේ මහලේකම්වරයා සහ ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශවලට තවදුරටත් විරෝධය පළ කරන බව එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
ඒ මොණරාගලදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින්.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කමිටු සාමාජිකයින් වන ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන් ඊයේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ, එම කමිටුවේ සාමාජිකයින් වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල පසුගියදා කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුව පිළිබඳවයි.
අදාළ මාධ්‍ය හමුවේදී සිය පෞද්ගලික අදහස් සහ මතිමතාන්තර ප්‍රසිද්ධියේ පළ කිරීම සම්බන්ධව තම අවධානය යොමු වී ඇති බවයි මන්ත්‍රීවරුන් තුන් දෙනා නිකුත් කළ විශේෂ නිවේදනයේ දැක්වෙන්නේ.
සාමූහිකව, සම්මුතියෙන් තීරණ ගැනීමට පිටුපා කමිටුවේ මතයට පටහැනිව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව ද එම නිවේදනයේ සඳහන්.