පොලිස් උසස්වීම් නව ක්‍රමයකට

Saturday, 14 December 2019 - 12:34

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
පොලීසියේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට උසස් වීම් ලබාදීම පිළිබඳ ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

එම අමාත්‍යාංශයේදී පොලීසියේ සියලූම නිලයන් නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ කොස්තාපල් තනතුර දක්වා වූ නිලධාරින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවදී මේ පිළිබඳව උපදෙස් ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදී එම ධුරවල නිලධාරින්ට කිසිදු බලපෑමකින් තොරව කටයුතු කිරීමට හැකිවන පරිදි උසස් වීම් ක්‍රමවේදයක් සැකසීමට ද නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් විධිමත් අයුරින් උසස්වීම් ලබාදීමේ නව රජයේ වැඩපිළිවෙල යටතේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මඟ පෙන්වීම මත මෙය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.