පාකිස්ථානයේ අනතුරකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට

Saturday, 14 December 2019 - 14:52

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
නිරිත දිග පාකිස්ථානයේ කිලා - සයිෆුල්ලා ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මගී බස් රථයක්, නීතිවිරෝධී ඉන්ධන රැගෙන ගමන් ගනිමින් තිබූ ට්‍රක් රථයක් හා ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි එරට බලධාරින් ප්‍රකාශ කළේ.

ආරක්ෂක මුර පොලක් මඟ හැර යාම සඳහා ට්‍රක් රථය අධික වේගයෙන් ගමන් කිරීම අනතුරට හේතුව බව සඳහන්.

ට්‍රක් රථය ඉරානයේ සිට නීතිවිරෝධී ලෙස ඉන්ධන රැගෙනවිත් ඇති අතර අනතුරෙන් පසු ගිනි ගැනීමක් ද සිදුව ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.