මාධ්‍ය හමුවට රාජිත ගෙන ආ දෙදෙනා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

Saturday, 14 December 2019 - 21:48

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධාන කළ සුප්‍රකට සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ලබාගත් රැඳවුම් නියෝග යටතේ තවදුරටත් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

සැකකරුවන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදීයි.

මෙම සැකකරුවන් දෙදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3 ක් විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී නොවැම්බර් 10 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ කොළඹදී ව්‍යාජ රැවුලකින් සැරසී මාධ්‍ය හමුවකට එක්වූ මෙම පුද්ගලයින් දෙදෙනා සමාජයේ දැඩි කතාබහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් ඊට පසුදිනම සිංහලේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවා.

අපරාධයක තොරතුරු වසන් කිරීම, අපරාධකරුවන්ට නවාතැන් දීම, සැඟව සිටීමට ආධාර අනුබල දීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දෙවනදා අධිකරණයට කරුණු වාර්තා කළේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විමර්ශනවල ඉදිරි පියවරක් ලෙසටයි.