ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකාවට

Sunday, 15 December 2019 - 6:47

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%A2%E0%B7%90%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලැබුවා.

එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඊයේ පැවති ලෝක රූ රැජින තරගයේ අවසන් වටයේදී දෙවන තැන හිමිවූයේ ප්‍රංශයේ  ඕෆ්ලි මෙසිනෝටයි.

ජයග්‍රාහී ටෝනි ඈන් සිං 23 හැවිරිදි සරසවි සිසුවියක වන අතර, ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව හදාරනු ලබනවා.

වෛද්‍යවරියක් වීම තම අපේක්ෂාව බවයි ඇය සඳහන් කළේ.

ඇය ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ කැරිබියානු ශිෂ්‍ය සම්මේලනයේ සභාපතිනිය ලෙසද කටයුතු කර තිබෙනවා.

ටෝනි ඈන් සිං ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ හතරවන ජැමෙයිකානු කාන්තාවයි.

1993 වසරේදීද ජැමෙයිකාවේ ලීසා හනා ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලියේ තුන්වන තැන හිමිවූයේ ඉන්දියාවේ සුමන් රා ඕටයි.

ඉන්දියාවේ මනුෂි චිල්ලාර් 2017 වසරේ ලෝක රූ රැජින වූ අතර, බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජිනයි.