විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

Sunday, 15 December 2019 - 12:58

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ජාතීන් අතර අසමගිය ඇති කරන බව පවසමින් ඔහු වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඩෑන් ප්‍රියසාද් අද පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදුන්නා.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර, මහා වංශය වැනි ඉතිහාස ලේඛණ පාලි භාෂාවෙන් රචිත ප්‍රබන්ධ කතා බවයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණේ.

එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම මුළුමනින් වැරදි බවත්, ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එම නිවේදනයෙන් සඳහන් කරන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් සිංහල ප්‍රජාවට පාලි බසින් ප්‍රබන්ධ කතා නිර්මාණය කරමින් වැරදි අර්ථ ගැන්වීම් ලබා දී ඇති බවයි.

සිංහල ඉතිහාසඥයින් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා ඉතිහාසය ලෙස ව්‍යාජ ප්‍රබන්ධයන් ගොඩනැගීමට විශාල ප්‍රයත්නයක් දරා ඇති බව ද විග්නේෂ්වරන්ගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල කිසිදු සිංහල - බෞද්ධයෙකු වාසය කර නොමැති බවත්, ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව කිසිදු ලෙසකින් සිංහලයන්ගේ නිජ භූමියක් නොවන බවත්, සැබෑ මුල්වැසියන් වන්නේ දෙමළ වැසියන් වීම හේතුවෙන් අතීතයේදී ශ්‍රී ලංකාවේ ජීවත්ව ඇත්තේ දෙමළ බෞද්ධයන් බව සිය නිවේදනයෙන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරනවා.