නායකත්ව බලතල අධ්‍යයනය කරන්නැයි, රනිල් වික්‍රමසිංහගෙන් එජාප නීතිඥයන්ට උපදෙස්

Sunday, 15 December 2019 - 13:37

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
පක්ෂ ව්‍යවස්ථාවේ නායකයා සතු බලතල පිළිබඳව අධ්‍යයනය කර, සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීතීඥ කණ්ඩායමට දැනුම්දී තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දිම සිදුකර ඇත්තේ පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පෙළේ නීතිඥවරුන් පිරිසක් ඊයේ මුණ ගැසුණු අවස්ථාවේදියි.

නායකයා සතුව පවතින බලතල සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදුකළ යුතු බවට ජ්‍යෙෂ්ඨයින් අදහස් පළ කර ඇති බවටයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා කිරීම සඳහා අදාළ වෙනස්කම් පිළිබඳ ලේඛනයක් කෙටුම්පත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීතීඥයන්ට දැනුම්දී තිබෙනවා.

වර්තමානයේ ක්‍රියාත්මක වන පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා තෝරා ගනු ලබන්නේ වසර 6ක ධුර කාලයක් සඳහායි.

නායකත්වය සඳහා කෙනෙකු පත් කළ විට ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කිරීම සඳහා ප්‍රතිපාදන නොපැවතීම ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානයට ලක්වී ඇති බවටයි වාර්තා වන්නේ.