පිලිපීන තාල් ගිනි කන්ද, විනාශකාරී පිපිරුමක් අභියස

Monday, 13 January 2020 - 19:32

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83
විලක් මැද දිවයිනක පිහිටි ලොව කුඩාම ගිනි කන්දක් ලෙස සැලකෙන පිලිපීනයේ තාල් ගිනිකන්ද ඉදිරි පැය කිහිපය හෝ දින කිහිපය තුළ දැවැන්ත පිපිරීමකට ලක්වනු ඇති බවට භූ විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

ගිනි කන්ද දැන් යලිත් සක්‍රිය වී ඇති අතර, අද අලුයම් කාලයේ ඉන් ලාවා වැගිරීමට සහ ගිනිකඳු දුමාරය නික්මීමට පටන් ගෙන ඇති බව සඳහන්.

පිලිපීනයේ දෙවන සක්‍රියතම ගිනිකන්ද වන මෙමගින් නික්මෙන දුමාරය හේතුවෙන් මැනිලා අගනුවර එදිනෙදා කටයුතු ද අද දිනයේ අඩාල වුණා.