මිහිපිට පැරණිතම ද්‍රව්‍යය ඕස්ට්‍රේලියාවෙන් හමුවූ උල්කාවක්

Tuesday, 14 January 2020 - 10:06

%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පෘථිවිය මත මෙතෙක් හමුවූ පැරණිතම ද්‍රව්‍යය මීට වසර 50කට පමණ පෙර  ඕස්ට්‍රේලියාවට පතිත වූ උල්කාවක් බව පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා.

එහි කොටසක් ඇමරිකාවේ චිකාගෝ ක්ෂේත්‍ර කෞතුකාගාරයේ තබා ඇති අතර, එය පරීක්ෂා කිරීමෙන් අනාවරණ වී ඇත්තේ තරු දූලි ලෙස හැදින්විය හැකි එම උල්කාව වසර බිලියන 7ක් පැරණි බවයි.

ඒ අනුව එය නිර්මාණය වී ඇත්තේ පෘථිවිය අයත් සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමට ද බොහෝ කලකට පෙරයි. නව සොයා ගැනීම ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ මෙවර කලාපයේ පළ කොට තිබෙනවා.

උල්කාවේ වයස තීරණය කර ඇත්තේ ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් එහි සාම්පල 40ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.