රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තහනම්

Tuesday, 14 January 2020 - 11:23

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය තාවකාලිකව තහනම් කළ බවට දැන්වීමේ ලිපිය අද ඔහු වෙත යොමු කළ බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කර අනුමැතිය ලබාගැනීමටද කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ අත්සනින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙත අදාළ ලිපිය යොමුකර තිබෙනවා.