චීන - රුසියානු විදේශ ඇමතිවරුන්, ජනපති සහ අගමැති හමුවීම පස්වරුවේ

Tuesday, 14 January 2020 - 12:54

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ලොව බලවත්ම රටවල නියෝජිතයන් තුන්දෙනෙකු වන චීන සහ රුසියා විදේශ අමාත්‍යවරුන් මෙන්ම ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදියි. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ අතර, ශ්‍රී ලංකා භූගෝලීය පිහිටීම උපායමාර්ගිකව ඉතා වැදගත් ස්ථානයක පවතින බැවින් බොහෝ දේශපාලන අභියෝගයන්ට මුහුණදීමට ලංකාවට සිදුව ඇති බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ආර්ථික නිදහස, දේශපාලන නිදහස තහවුරු කරන සාධකයක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම සාකච්ඡාවේදී චීන විදේශ අමාත්‍යවරයා වෙත අවධාරණය කර ඇත්තේ.

අතීතයේ පරිදිම චීනය ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය හා ප්‍රගතියේ දිගුකාලීන හවුල්කරුවෙකු බව ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව පිළිබඳව චීනයේ ප්‍රතිපත්තිය අචල බවත්, චීනය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක මිතුරා බවත් ඔහු පවසා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ චීනයේ චාරිකාවක නිරතවන ලෙසට සිදුකළ ආරාධනය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී චීන විදේශ අමාත්‍යවරයාට ස්තූතිය පළ කළ බවයි.  

මේ අතර දිවයිනට පැමිණි රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කළා.

එසේම දෙදින නිළ සංචාරයක් සඳහා අද අලූයම දිවයිනට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද සහකාර ලේකම්වරිය වන ඇලිස් වෙල්ස් ද අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් තුන්දෙනා අරලියගහ මන්දිරයේදී අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණගැසි තිබුණා.

එසේම  චීන සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙරට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී හමුවූ අතර, එහිදී පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගි වුණා.