මාර්තුවේ වැසි නොලැබුණහොත් විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

Tuesday, 14 January 2020 - 13:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාර්තු මාසය වනතුරු ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරට අනතුරු අඟවා තිබෙනවා.

ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙසයි එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ.

එහි සභාපති අනුරුද්ධ තිලකරත්න කියා සිටියේ පෞද්ගලික විදුලි බලාගාර වලින් තරඟකාරි මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීම මීට පිළියමක් බවයි.

ඊට අමතරව දිගු කාලීන විසදුමක් ලෙස විශාල විදුලි බලාගාර ඉදිකිරීමට පියවර ගත යුතු බව ද ඔහු කියා සිටියා.

මේ දිනවල උදෑසන කාලයේදී බොහෝ ප්‍රදේශවල ශිත කාලගුණයක් සහ දහවල් උණුසුම් තත්ත්වයක් පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසය අවසානය දක්වා ප්‍රමාණවත් වැසි අපේක්ෂා කළ නොහැකි බවයි.