රන්ජන්ගේ තවත් හඬපටයක් අදත් එළියට

Saturday, 18 January 2020 - 18:35

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AC%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදුකළ දුරකථන සංවාදයක හඬපටයක් සිංහලේ සංවිධානය අද මාධ්‍යයට නිකුත් කළා.

ඔවුන් මෙම හඬ පටය මාධ්‍යයට ලබා දුන්නේ, රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයේ නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක සම්බන්ධයෙන් එම සංවිධානය පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ලක ප්‍රගතිය සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදයේ නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය පසුගියදා මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර ඇති වූ දුරකථන සංවාද ඇතුළත් හඬ පටය ඔහු මාධ්‍ය වෙත නිකුත් කළා.

මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානයේ, සභාපති ඩෑන් ප්‍රියසාද් ද අද පොලිස් මූලස්ථානයට පැමිණියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් පළ කළ ඩෑන් ප්‍රියසාද් කියා සිටියේ දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.