කොරෝනා පැතිරෙන වූහාන් නගරයේ ලාංකික සිසුන් ගැන අවධානය

Friday, 24 January 2020 - 12:37

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%96%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සම්බන්ධයෙන් බීජිංහි පිහිටි මෙරට තානාපති කාර්යාලය හරහා අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට සිසු සිසුවියන් 25 ත් 30 ත් අතර පිරිසක් වූහාන් නගරයේ අධ්‍යාපනය ලබන බවට බීජිං හි පිහිටි මෙරට තානාපති කාර්යාලය තහවුරු කර ඇති බවයි.

ඔවුන් මේ වනවිට ආරක්ෂිත තත්ත්වයේ පසුවන බවත්, තානාපති කාර්යාලය  නිරන්තරයෙන් ඔවුන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළා.

අවශ්‍යතාවක් මතුවුවහොත් ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.