ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

Saturday, 25 January 2020 - 16:16

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන ආයති ජාතික මධ්‍යස්ථානය රාගමදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද විවෘත කරනු ලැබුවා.

දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු කායික හෝ මානසික ආබාධයකින් පෙලෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කල් තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදීමෙන්, ඔවුන් වඩාත් ඵලදායි ලෙස සමාජ ගත කළ හැකියි.

මෙයට විසඳුමක් ලබාදීම සඳහා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.

රුපියල් කෝටි 55 ක් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සතියේ සෑම දිනකම නොමිලේ සායන පැවැත්වෙන අතර කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම්ලත් වෘත්තීය විශේෂඥයන්ගේ සේවය ආයති ජාතික මධ්‍යස්ථානයට හිමිවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආයති ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව එහි සියලූ අංශ නිරීක්ෂණය කර දරුවන්ගේ සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.