කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැක දෙදෙනෙකු IDH රෝහලට

Saturday, 25 January 2020 - 19:08

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96++%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකරන චීන ජාතික කාන්තාවක් සහ ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් අයි.ඩී.එච්. උණ රෝහලට
ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ පටක සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකළ බවයි.

මාරාන්තික “නව කොරෝනා“ වෛරසය ව්‍යාප්තව පවතින වීනයේ - වූහාන් නගරයෙන් ඉවත්වීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් ඉවත්
කර ගැනීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව බීජිංහී ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ.කේ යෝගානන්නදන් මහතා
පවසනවා.

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳී චීනයේ ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දකුණු ආසියාවට සහ
යුරෝපයටද මේ වන විට වයිරසය ව්‍යාප්ත වී අවසන්.

මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ වූහාන් නගරය ඇතුළු නගර 5 ක් මුළුමනින්ම වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන් එම නගර තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 කටඅධිකයි.

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ වීනයේ වූහාන් නගරයට වන අතර එහි පුද්ගලයින් 1000 කට අධික පිරිසකට මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳී අවසන්.