කොරෝනා වෛරසයෙන් තවත් විදේශිකයෙකු මිය යයි

Saturday, 08 February 2020 - 13:55

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වී ජපන් ජාතිකයෙකු ද මිය ගොස් ඇති බව බීජිං නුවර ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළා.

ඔහු කොරෝනා වෛරසයේ කේන්ද්‍රය වන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ රෝහලකදී මිය ගොස් ඇත්තේ නියුමෝනියා තත්ත්වයට පත්වීමෙන්.

එමෙන්ම, 60 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු ද වූහාන් නගරයේ රෝහලකදී මිය ගොස් ඇති බව බීජිං නුවර ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කළා.

මෙලෙස වාර්තා වන්නේ කොරෝනා වෛරසයෙන් මිය ගිය ප්‍රථම විදේශිකයන් දෙදෙනාගේ මරණ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කොරෝනා වෛරසයෙන් මේ වන විට පුද්ගලයන් 724 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ආසාදිත සංඛ්‍යාව 35,000කට ආසන්නයි.