පුරාවස්තු සොයා කැණීම් කළ 10 ක් අත්අඩංගුවට

Monday, 10 February 2020 - 9:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් 10 දෙනෙකු කළගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වීරගුල පොලිසිය සිදුකළ වැටලීමකදි එම සැකකරුවන් කැණීම් උපකරණද සමඟ ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඔවුන් වීරගුල, කොළඹ, මංගලතිරිය, මීරිගම, කළගෙඩිහේන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 34 ත් 57 ත් අතර වයස්වල පසුවන්නන්.