හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දකුණු කොරියාවට

Monday, 10 February 2020 - 11:12

%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 92 වන ඔස්කාර් සම්මාන උළෙල ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඞ් පුරයේ ඩොල්බි රගහලේදී අද අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.

එහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත්තේ දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටයයි.

ඔස්කා සම්මාන උළෙලේ ඉහළම සම්මානයක් හිමිකරගත් පළමු ඉංග්‍රීිසි නොවන චිත්‍රපටය ලෙස එය වාර්තා අතරට එක්වනවා.

හොඳම නළුවා ලෙස සම්මාන ලබාගත්තේ ජෝකර් චිත්‍රපටයේ රඟපෑ වෝකි පීනීක්ස්.

හොඳම නිළිය ලෙස ජූඩි ගාර්ලන්ඞ් චිත්‍රපටයේ රඟපෑ රෙනී සෙල්වේගර් සම්මාන දිනාගත්තා.

92 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම සහය නළුවා ලෙස සම්මාන හිමිකරගැනීමට වන්ස් අපෝන් අටයිම් චිත්‍රපටයේ රඟපෑ බ්‍රැඩ් පිට් සමත්වූ අතර, හොඳම සහය නිළිය ලෙස සම්මාන දිනාගත්තේ මැරේජ් ස්ටෝරි චිත්‍රපටයේ රඟපෑ ලෝරා ඩර්න් බවයි ලොස් ඇන්ජලිස් වාර්තා සඳහන් කළේ.