කඹ ඇදිල්ලක් නිසා ටින් මාළු කන්ටේනර් රැසක් - කොළඹ වරායේ සිරවෙයි

Thursday, 13 February 2020 - 7:31

%E0%B6%9A%E0%B6%B9+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චිලී රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ ටින් මාළු තොගයක් දින කිහිපයක් තිස්සේ කොළඹ වරායේ රඳවා ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර පවතින මත ගැටුමක් නිසා මුදාහැරීමට නොහැකිව මෙම ටින් මාළු තොගය රඳවාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.

අදාළ ටින් මාළුවල ගුණාත්මක භාවය තහවුරු කරගැනීම සඳහා සිදුකරන පැරසයිට් පරීක්ෂණය සම්බන්ධයෙන් මෙම මත ගැටුම හටගෙන තිබෙනවා.

ටින් මාළු සඳහා යොදාගන්නා මත්ස්‍යයන්ගේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා මෙම පැරසයිඞ් නැමති පරීක්ෂණය සිදු කෙරෙනවා.

ඒ අනුව එම ටින් මාළු තොගය පැරසයිට් පරීක්ෂණය සමත් බව ප්‍රමිති ආයතනය තහවුරු කළද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ පැරසයිට් පරීක්ෂණයට අනුව මෙම ටින් මාළු තොගය මුදාහැරීමට අනුමැතිය ලබාදිය නොහැකි බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මෙම ගැටළුව සම්බන්ධයෙන් අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.