සිංගිමලේ ගින්න අවසන්

Friday, 14 February 2020 - 10:28

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
හැටන් - සිංගිමලේ කඳු  රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට මැඬ පවත්වා තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක්ද ඊයේ යොදා ගැනුණා.

අක්කර 25කට වැඩි භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.   

මීට දින තුනකට ඉහතදී මෙම කඳු රක්ෂිතයේ හටගත් ගින්න පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වනු ලැබුවා.

පවතින වියලි කාලගුණයත් සමඟ එය සීග්‍රයෙන් පැතිර ගිය අතර මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ගින්න ඇති වුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.