සිරියානු හමුදා ප්‍රහාරයකින්, සිවිල් වැසියන් 71 දෙනෙකු මියගොස් 325කට තුවාල

Friday, 14 February 2020 - 10:31

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+71+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+325%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් නැගෙනහිර ගූටා ප්‍රදේශයේ සිවිල් වැසියන් 71 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එංගලන්තයේ පිහිටි මානව හිමිකම් පිළිබද සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් 325 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි.

මිය ගිය පිරිස අතර, ළමයින් 9 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ද සිටිනවා.

ප්‍රහාර මාලාවෙන් කැරළිකරුවන් 9 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.