දැරියට පහරදුන් බවට චෝදනා එල්ල වූ කුලියාපිටියේ විදුහල්පතිනියට මාරුවක්

Friday, 14 February 2020 - 10:56

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කුලියාපිටිය - කඩිගමුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එම විද්‍යාලයේ විදුහල්පතිනිය ස්ථාන මාරු කර තිබෙනවා.

කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයට ඇය තාවකාලිකව අනියුක්ත කර ඇති බවටයි වාර්තා වන්නේ.

මීට අමතරව කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

පසුගිය 03 වැනිදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී තම දියණියට විදුහල්පතිවරිය විසින් පහරදී ඇති බවටයි ඇයගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, සිය 09 හැවිරිදි දැරියට කෲර වධහිංසා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු, ගාල්ල - ඉමදූව ප්‍රදේශයේ දැරියගේ පියා සහ සුළු මව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරණ හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.