වෘත්තීය සමිති 28ක් විරෝධතාවක

Friday, 14 February 2020 - 13:11

%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+28%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ගුරු - විදුහල්පති සේවයේ වෘත්තීය සමිති 28ක් ඒකාබද්ධව මේ වන විට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පා ගමනින් පැමිණයා.

ගුරු - විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ලබාදීමට එකඟ වූ අතුරු දීමනා පිළිබද චක්‍රලේඛය නිකුත් නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර, ඒ හේතුවෙන් ගාලූමුවදොරපිටිය මාර්ගය ජනාධිපති කාර්යාලය අසළින් අවහිර වී තිබෙනවා.

මේ අතර, ජනාධිපති කාර්යාලය අසළ තවත් වෘත්තිය සමිති කිහිපයක් අදත් විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත්, එම ස්ථානයේ සිටි විශ්‍රාමික රණවිරු සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු මේ වනවිට සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගොස් සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, විරෝධතාව සිටි පුරාවිද්‍යා සේවක සංගමය ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය විරෝධතාව අවසන් කළා.