සතොසේ ආන්දෝලනාත්මක ගනුදෙනු ඇතුළත් ලිපි සොයාගෙන ඇත්තේ රිෂාඩ්ගේ බිරිඳගේ නිවසකින් බව CIDය අධිකරණයට දන්වයි

Friday, 14 February 2020 - 13:32

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B7%9A+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+CID%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන ආන්දෝලනාත්මක ගනුදෙනු සම්බන්ධයෙන් වූ ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳට අයත් නිවසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) දැනුම් දුන්නා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොඩ් මිහාල්ට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ.

එම නිවසේ සිට අත්අඩංගුවට ගත් ඉම්රාන් මොහොමඩ් නම් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා ඔප්පු වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

නිවසේ තිබියදී සොයා ගත් ලේඛන අතර තිබූ රුපියල් නව කෝටි තිස් පන්ලක්ෂයක වටිනාකමකින් යුත් මුදල් පොරොන්දු නෝට්ටුවක වටිනාකම රුපියල් නව ලක්ෂ 35,000ක් පමණක් බව අදාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.