ගුරු - විදුහල්පති විරෝධතාව අවසන්

Friday, 14 February 2020 - 15:01

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ගුරු - විදුහල්පති සේවයේ වෘත්තීය සමිති 28ක් ඒකාබද්ධව ආරම්භ කර තිබූ විරෝධතාව මේ වනවිට අවසන් කර තිබෙනවා.

ජනාධිපති අතිරේක ලේකම්, රෝහණ අබේරත්න සමග ලබා දුන් සාකච්ඡාවකින් අනතුරුව, එම විරෝධතාව අවසන් කළ බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ.

ගුරු - විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ලබාදීමට එකඟ වූ අතුරු දීමනා පිළිබද චක්‍රලේඛය නිකුත් නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන අද පෙරවරුවේ ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ඉන් අනතුරුවයි ඔවුන් පාගමනින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වුණේ.