අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Friday, 14 February 2020 - 16:11

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

කොළඹ දෙසට පවතින වාහන තදබදයට කඩිනම් විසඳුම් සොයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

එසේම, ගාලූපාරට සමාන්තර මුහුදුබඩ මාර්ගය, පානදුර දක්වා දීර්ඝ කිරීමට ද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.

පළමු අදියරේ වැඩ අවසන් වී ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කළ යුතු බවට ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියක් බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුනේ.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක් කෙරෙනවා.

එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ආරම්භ කෙරෙනවා.

මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ග තදබදයට විඳුමක් බවටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.

දැනට අඩක් නිමකර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතු බවත් ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

අධික තදබදයක් ඇතිවන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කෙරෙනු ඇති.

දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල  දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළ යුතු අතර එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබාගන්නා ලෙසට ද ඔහු ප්‍රකාශ කළා.

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු අතර මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා.

නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්වී කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම පිළිබඳව ද අවධානය යොමු කෙරුනා.

ව්‍යාපාරික ස්ථාන ස්ථාපිත කිරීමේදී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා කියාසිටියේ විදුලිය ජලය සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවයි.