බීමත්ව යතුරුපැදියක් පැදවූ කාන්තාවක අත්අඩංගුවට

Friday, 14 February 2020 - 17:03

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බීමත්ව යතුරුපැදියක් පැදවූ කාන්තාවක අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ සිදුකළ බීමත් රියදුරන් පරික්ෂා කිරීමේ මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

අනුරාධපුර - කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි ඇය 34 හැවිරිදි විවාහක තැනැත්තියක්.

පසුව එම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.